Thursday, May 3, 2018

පොත් තතු

Maria D. Wilkes - Little House in Brook field
සිංහල පරිවර්ථනය- පුංචි ගෙදර විත්ති
කත්‍යානා අමරසිංහ
ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ ජීවන තොරතුරු ඇතුළත් Little House පොත් මාලාව කියවා ඇති කෙනෙකු කැරොලයින් ක්විනර් යනු කවුරුන්දැයි නොදන්නවා විය නොහැක. ලෝරාගේ ආදරණිය මව ඇයයි. Little House පොත් මාලාවෙන් කියවෙන චාල්ස් ඉංගල්ස් හා විවාහ වීමට ප්‍රථම කැරොලයින්ගේ සොදුරු ළමා විය හා තරුණ අවදිය ගෙවී ගිය අන්දම The Caroline Years පොත් මාලාවෙන් කියවෙයි.
කුඩා කල තම ඇදරණිය පියා අහිමි විමත් සමගම සිය සොයුරු සොයුරියන් සමගින් ඇගේ ධෛර්‍යසම්පන්න මව හා ගෙවු අැගේ සුන්දර ළමා විය පිළිබද මේ පොතෙන් කියවෙයි. Little House පොත් තරම්ම මා සිත අමන්දානන්දනයට පත් නොකළත් සොදුරු ළමා වියේ පැහැබර දසුන් මවන්නට සමත් අපුරු කතාවක් වන මෙය ලොකු කුඩා සැමට එක සේ රස විදිය හැකි බව නම් නොකියමනාය. පිටු 98 කින් සමන්විත කුඩා පොතක් වන මෙය එක හුස්මට කියවා රස විදීමට මම පොත් කියවන ඔබ සැමට ආරාධනා කරමි.

Happy 2nd Birthday my little love..... (30/08/2020) Over the past 2 years, I’ve been trying to put all of my feelings into words. For you a...