මරණය....... මා එය
බලාපොරොත්තු වෙමි. මා පමණක් නොවේ, ඉපදෙන සෑම සියලු ජිවියෙක්ම මරණය බලාපොරොත්තු
වෙති. සැබවින්ම බලාපොරොත්තු වන්නේ දැයි මම නොදනිමි. එහෙත් අන් සියල්ලන්ටම වඩා මා
එය උදක්ම බලාපොරොත්තු වෙමි. එහෙත් ඒ මගේ උඩු සිත යැයි මට හැගේ. මන්ද යටි සිතින් මා
ක්‍රියා කරන්නේ මා මෙලොව සදාකාලික යැයි හගිමිනි. එහෙත් මුලින් කීවාක් මෙන් මෙලොව ජීවත්
වන්නට ඇති අසීමිත අකමැත්ත මත මා මරණය වඩාත් ප්‍රිය කරමි. එනම් මා මරණය වඩා
ඉක්මණින් හැකි ඉක්මණින් බලාපොරොත්තු වෙමි. එහෙත් සැබවින්ම නම් මා මරණයට
අකමැත්තෙමි. එහෙත් ඊටත් වඩා අකමැත්තක් මට ජීවත් වීමටද ඇත. එසේ නම් මා කුමක් කරන්නද
??? මරණය බලාපොරොත්තුවෙන් ජීවත් වෙමි.
Subscribe to:
Post Comments (Atom)
Happy 2nd Birthday my little love..... (30/08/2020) Over the past 2 years, I’ve been trying to put all of my feelings into words. For you a...
-
මරණය....... මා එය බලාපොරොත්තු වෙමි. මා පමණක් නොවේ, ඉපදෙන සෑම සියලු ජිවියෙක්ම මරණය බලාපොරොත්තු වෙති. සැබවින්ම බලාපොරොත්තු වන්නේ දැයි මම නොදන...
-
# අම් මී ජීවිතයේ වැඩිම වාර ගණනක් මා කියන්නට ඇති වචනය එයයි. අම්මී පෙනෙන්නට නොසිටි විටෙක ඇය වත්තට ගොස් එහෙම නැතිනම් වැසිකිළියට ගොස් හෝ මට...
-
Maria D. Wilkes - Little House in Brook field සිංහල පරිවර්ථනය- පුංචි ගෙදර විත්ති කත්යානා අමරසිංහ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ ජීවන තොරතුර...

නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වන බහුතරයක් අතර යතාර්ථවාදී මරණානුස්මෘතිය අගනේය. නමුත් ජිවත්වීමට අකමැත්ත නිසා එසේ කිරීම දුර්වලකමකි. ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි. මරණයද බලාපොරොත්තුවකි
ReplyDelete